අපි සල්ලිකාරයො නෙමේ
උදව් කළ කෙල්ලයි නිළිය නිසා අතඇරියේ
 - දසුන්ගේ මව

සිය දිවි නසාගත් රංගන ශිල්පී දසුන් නිශාන්ගේ මව හා පියා දෙදෙනාම සිවිල් ඉංජිනේරුවන් බවත් ඔවුන් කැනඩාවේ වාසය කර ඇති බවත් දසුන් නිශාන් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී පැවසුවත් එහි ඇත්ත තත්වය ඊට වෙනස් බව ඊයේ හෙළි විය.
හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුවඊයේ (26) පස්වරුවේ කළුබෝවිල රෝහලේ සිට ගම්පහ මල් ශාලාවක් වෙත දසුන්ගේ දේහය ගෙන එනු ලැබූ අවස්ථාවේ දසුන් නිශාන්ගේ මව වන ලලිතා ස්වර්ණා කුමාරි හේරත් සඳහන් කර සිටියේ
තමාට දසුන් සහ තවත් පුතෙකු සිටින බවත්

දරු දෙදෙනා අතර පරතරය වයස අවුරුදු 10 ක් බවත්ය.
ද්‍රවිඩ ජාතික තම ස්වාමි පුරුෂයා දෙවන පුතුගේ වයස අවුරුදු එක හමාරක් පමණ වන විට තමන් සහ දරුවන් අතහැර කැනඩාවට ගිය බවත් ඉන්පසුව අමාරුවෙන් දෙදෙනාවම රැක බලාගෙන ඉගැන්වූයේ තමා බවත්ය.

නිට්ටඹුවේ පිහිටි තම නිවසේ සිට දිනපතා හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණය අසළට පැමිණ අයිස්ක්‍රීම් විකුණන වෙළෙඳාමක් කළ බවත් ඒ අනුව තමන් දරුවන් උස්මහත් කරන්නට වියදම සොයාගත් බවත්ය.

තවමත් තමන් ජීවත් වන්නේ නිට්ටඹුවේ කුඩා නිවසක බව කියන ඇය එම නිවස පවතින තත්ත්වයට නිම කර දුන්නේ මියගිය දසුන්ගේ පාසල් කාලයේ සිට වසර 13 ක් තිස්සේ පෙම් සබඳතාවය පැවති නීත්‍යානුකූල බිරිය වූ පාසල් ගුරුවරිය විසින් බව ඇය ස්තූතිපූර්වකව කියා සිටින්නීය.
එතරම් කැප කිරීමක් කළ ඇයව අතැර වෙනත් පැත්තකට සිත යොමන්නට තම පුතු කල්පණා කළ අයුරු ගැන තමා පුදුම වූ බවත් විවාහයෙන් අනතුරුව ඔහු වෙනස් කරන්නට හේතුවූ නිළිය ගැන පුදුම සිතුණ බවත් ඇය කියා තිබේ.
දසුන්ගේ දේහය මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ පුද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර
අවසන් කටයුතු මල් වත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
දසුන් ශලනි පෙම් කතාව මරණ පරීක්ෂණයේදී හෙළිවේ අලුත් පෙම බිඳී අසරණවූ දසුන් මේ තීරණය ගත්තාද?