ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය තුළ ප්‍රථමවරට තරගයක් සඳහා ලබා දෙන වැඩිම පොලිස් ආරක්ෂාව අද (31දා) දින
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ

පැවැත්වීමට නියමිත ලංකා - ඉන්දියා සිවු වැනි එක්දින තරගය සඳහා ලබාදී ඇත. මේ තරගයේ පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් යොදවා ඇතැයිද කැරැලි මර්දන කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් කිහිපයක් ස්ථාන ගත කර ඇති බවද වාර්තාවේ.
ක්‍රීඩාලෝලීන් ප්‍රේක්ෂකාගාරය තුළට පැමිණීමට පෙර ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කරන බවත් ප්‍රේක්ෂකාගාරය තුළට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරි කණ්ඩායම් කිහිපයක් ස්ථාන ගත කිරීමට කටයුතු යොදා ඇති බවත් දන්වා ඇති අතර තරගයට බාධා වන අයුරින් තරගය මැද ක්‍රීඩාපිටියට පනින තැනැත්තන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සූදානම් කර තිබේ.
දඹුල්ලේ සහ පල්ලේකැලේ පැවැති තරගවලදී ක්‍රීඩාලෝලීන් දැක්වූ කලහකාරී හැසිරීම මෙම වෙනසට හේතුවයි.