CID ආපු ශිරන්ති මැඩම්ට ජයවේවා
රට බේරපු අම්මට ජයවේවා - මදුෂා කෑගසයි


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ ඇයත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද පැමිණියා.
ඔවුනට පක්ෂපාතී පිරිස් පැමිණ ශිරන්ති මැඩම්ට ජයවේවා
රට බේරපු අම්මට ජයවේවා යයි හඩ නැගුවා.
ටෙලි නාට්‍ය නිළි මධූෂා රාමසිංහ මෙම කෑගැසීම් කරන අය අතර ඉදිරියෙන්ම සිටියා.


සිරිලිය පදනමට අයත්ව තිබූ ඩිෆෙන්ඩර් රථයක් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සඳහා යොදාගෙන ඇති බවට අදාල තොරතුරු හෙළිවීමත් සමග ඇයට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණෙන ලෙස නියෝග කෙරුණා. ඇයට  ඊයේ(14) හා අද (15) දිනවල සී.අයි.ඩීය හමුවේ පෙනී සිටිමට නියමිතව තිබුණත් අද(15) හා හෙට(16) දිනයන් ඒ සඳහා වෙන් කරගෙන තිබුනා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මීට ඉහතදී ද ශිරන්ති රාජපක්‍ෂ ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හා යෝෂිත රාජපක්‍ෂ ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔවුන් පැමිණියේ නැහැ. ඒ, හදිසි රෝගී තත්ත්වයන් ඇති බව පවසමිනි.





තොරතුරු -අයිරංගි එදිරිසිංහ