යාපනයේ වෙඩි වැදුණ පොලිස් නිලධාරියා මරුට
සිද්ධිය ගැන විනිසුරු කථා කරයි


විනිසුරුට ආරක්ෂාව සපයමින් ගමන් කරද්දී යාපනයේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරියා මරු දැක තිබේ.
ඊයේ සවස පස්වරු 5 .10ට පමණ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා ඉලක්ක කර ගනිමින් නල්ලුර් ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවූ අවස්ථාවේ රථය සමග යතුරු පැදියකින් ගමන් කළ මෙම පොලිස් නිලධාරියා හා තවත් නිලධාරියකු ප්‍රහාරකයින් සමග වෙඩි හුවමාරුවක නිරත වූ අතර
එම අවස්ථාවේ මෙම පොලිස් නිලධාරියාගේ

උදරයට වැදුණ වෙඩි උණ්ඩ නිසා බරපතල තුවාල ඇති විය. ඔහු ඊයේ රාත්‍රී 2.30 ට පමණ මරු දුටු බව වාර්තා විය. අනෙක් නිලධාරියා තවමත් ප්‍රතිකාර ලබයි.
මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුවූ විනිසුරුට කිසිදු තුවාලයක් සිදුවූයේ නැත. ඔහු මේ දිනවල ආන්දෝලනයක් සහිතව විභාග වන යාපනයේ විද්‍යා සිසුවිය සමූහ දූෂණ කර මරා දැමීමේ නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තිදෙනාගෙන් එක් අයෙකි.
තමා නල්ලූර් කෝවිලට යන අතර තමා ඉලක්ක කර මෙම ප්‍රහාරය දියත්වූ බවත් පොලිස් නිලධාරීන් නොව තමාව ඉලක්ක කර එය සිදු කළත් කුරුමානම වැරදුන බවත්
මෙම සිදුවීම අධිකරණ පද්ධතියට සිදු කළ බරපතල තර්ජනයක් බවත් විනිසුරු එම්. ඉලංචේලියන් මහතා අදහස් දක්වමින් පවසා තිබේ.
ඔහු පැවසූ කරුණු පහත වීඩියෝවෙන් දැක්වේ.