විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලිපිකාරිනියකට ලිංගික හිරිහැර කිරීමට ගිය එම අමාත්‍යාංශයේ ඉහළ
නිලධාරියකුට විනය ක්‍රියාමාර්ග හෝ දඬුවම් ලබා දෙනවා වෙනුවට මාස 10 ක කාලයක්‌ සඳහා විදේශ ශිෂ්‍යත්වයක්‌ ලබා දීමට ඉහළ බලධාරීන් ක්‍රියා කර ඇතැයි අද දිවයින පුවත් වාර්තාවකින් හෙළිදරව් කර තිබේ.

ශිෂ්‍යත්වයට අමතරව මෙම නිලධාරියාට එම රටින් වාහනයක්‌ සහ නිල නිවාසයක්‌ ආදී වශයෙන් වරප්‍රසාද ලබාදීමටද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ බලධාරීන් කටයුතු කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු නියා ඇතැයි එහි දැක්වේ.

ඒ අනුව දඬුවමක්‌ වෙනුවට විදේශ ශිෂ්‍යත්වයක්‌ ලැබූ මෙම නිලධාරියා ඉතා සතුටින් පසුවන බවත් එම ලිපිකාරිනියට සේවා ස්‌ථාන මාරුවීමක්‌ ලබාදීමට බලධාරීන් ක්‍රියාකර ඇති බවත් එහි දැක්වේ.

අකිත පෙරේරා (දිවයින)