HNB බැංකු තොරතුරු 
ලීක්වීම ගැන 
මහ බැංකුවෙන් පරීක්ෂණයක්

HNB පුද්ගලික බැංකුවේ පාරිභෝගිකයන් 4,630කගේ දත්ත බාහිරට අනාවරණය වීම සමබන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණයක් අරඹා තිබේ.
මෙම අනාවරණය සිදුව ඇත්තේ HNB ලෝකයේ හොඳම බැංකු අතරට ආ බව කියමින්
සිය ඉහළ ගනුදෙනු

කරුවන් අතරට යැවුණ ප්‍රවර්ධන ඊමේල් පණිවිඩයකිනි.
එම ඊමේල් පණිවිඩයේ තම බැංකුව අත්කරගත් සාර්ථකත්වය ගැන වර්ණනාත්මක වාක්‍ය අඩංගු කරනවාට අමතරව තමන්ගේ බැංකුවේ විශාල මුදල් තැන්පත් කර ඇති අය මෙසේය කියමින් ඔවුනගේ නම් හා මුදල් වටිනාකම් ඇතුළු රහස්‍ය බැංකු විස්තර ප්‍රසිද්ධ කර තිබේ.
ප්‍රවර්ධනයෙන් අපේක්ෂා කර ඇත්තේ තවත් පාරිභෝගිකයින් බැංකුවේ තැන්පතු සඳහා හවුල් කර ගැනීම වුවත් අත්දැකීම් රහිත පිරිසක් නිසා බැංකු කටයුතු වල පවතින රහස්‍යභාවය පිලිබඳ අදහස නොදැන මෙම අනාවරණය සිදු කර තිබෙයි.
මෙය නොසැලකිල්ලක් හේතුවෙන් සිදුව ඇති බව මූලික පරීක්ෂණයෙන් අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී ඇත.
එමෙන්ම, මෙය බැංකුවේ අභ්‍යන්තර කළමනාකාරීත්වයේ අත්වැරැද්දක්ද යන්න පිළිබඳව මහ බැංකුව හා අදාළ පෞද්ගලික බැංකුව විසින්ද තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා තිබේ.