වර්ජනය ඇරඹේ ලංකා තෙල් පිරවුම්හල් වල සෙනග
අයිඕසී ප්‍රශ්නයක් නෑ

ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව භයේ රාත්‍රියේ සිට ආරම්භකර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන
විට ඉන්ධන පිරවුම්හල් අසල 
වාහන පෙළ ගැසී ඇති බව වාර්තාවේ.
අද 24 හෙට 25 පමණ වනවිට බෙදාහැරීම නැවතීම මත ඒවායේ
ඉන්ධන තොග අවසන්වීමේ අවදානමක් පවතී.

ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් මෙම වර්ජනය අරඹා ඇත.
අද (24) උදෑසන වෘත්තීය සමිති නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මෙම ගැටලුව තමන්ට අදාළ නැති බවත් තමන් සුපුරුදු පරිදි ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මෙරට ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 18ක් පමණ ඔවුන් ආවරණය කරයි.