අනුරාධපුරයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්වලට පිළිතුරු සැපයූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙසේ පැවැසීය.

‘මේ ආණ්ඩුවට
මුකුත් වෙනස් කරන්න බැහැ. අවුරුදු දෙක හමාරක් ගත වෙලත් ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු වුණේ නෑ. මේ ආණ්ඩුවේ අයට අපි කරපු ටිකවත් කිරීමට නොහැකිවී තිබෙනවා. ඒක තමයි වෙනස. මීතොටමුල්ලේ කුණු කන්දත් කඩාගෙන වැටුණා. මම යුද්ධ කර යුද්ධය ජයග්‍රාහීව අවසන් කළා. රට සංවර්ධනය කළා. කුණු කන්ද එතනින් ඉවත් කිරීමට මුදල් වෙන් කළා. ජනාධිපතිවරණයෙන් පසු ඒ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණේ‍ෙ
මේ ආණ්ඩුවේ අයට කුණු කන්ද ඉවත් කිරීමට ප්‍රශ්නයක් තිබුණේ නෑ. රටේ යුද්ධයක් නෑ. රටේ පාරවල් ටික හදලා තියෙනවා. කෝච්චි තිබුණා. කුණු ටික අරගෙන මෙයාලට තිබුණේ කෝච්චියේ දාලා පුත්තලමට යවන්න විතරයි. ඒක මේ අය කළේ නෑ. ඒකයි මෙයලාගෙ දුර්වලකම.‘