අ.පො.ස  සාමාන්‍ය පෙළ මුල් තැන
විශාඛාවේ චෙස් ශූරිය අනුකිට
දෙවැනියා මහාමායා බාලිකාවෙන් තුන ආනන්ද හා රාහුලෙන්

මේ වනවිට නිකුත්ව තිබෙන 2016 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය අනුව දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. ඇය විශාඛා විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ට චෙස් ශූරියකද වන අතර
දේශීය හා ජාත්‍යන්තර චෙස්

තරගාවලී වල ජයග්‍රහණද අත්කරගෙන සිටින්නියකි.
මෙවර දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ තෙවනන ස්ථාන දෙකක් තිබෙන අතර ඉන් එකක් කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ.

මුල් ස්ථාන අනු පිළිවෙලින් පහත පරිදිය.

1.අනුකි චමත්කා පැස්කුවල් (විශාඛා විද්‍යාලය)
2.එස්.එම් මුණසිංහ (මහමායා බාලිකා විද්‍යාලය)
3.ආර්.එම් සුගත් රවිඳු සන්වර (ආනන්ද විද්‍යාලය)
3.දිමුත් ඕෂධී මිරිස්සගේ (මාතර රාහුල විද්‍යාලය)
4.එච්.බී පබසරා මලිති කුමාරි හේරත් (ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලය)
5.  ඩී.එම් රනුමි දිසරණි නානයක්කාර(කොළඹ දේවි බාලිකා විද්‍යාලය)
5. ඒ.දම්සරා මේධාවි (ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය)
5. ඒ.අභිනන්දන් (යාපනය හින්දු විද්‍යාලය )
6.කේ.ජී.ජී.ඊ රන්දිනිද සිල්වා(ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය)
7. ඊ.ඒ යසාරා උමාලි (මාතර සුජාතා විද්‍යාලය)