අනාගත වෛද්‍ය සහේලි ගමගේ
සයිටම් ටැලන්ට් ෂෝ එකේදී
‘ජියෙ තෝ ජියෙ කේසේ‘ ගීතය ගැයූ හැටි


පසුගිය රජය සමයේ මහ රජාණෝ නමින් ගීතයක් ගායනා කිරීම නිසා ඉමහත් ප්‍රසිද්ධියට පත්වූ සහේලි ගමගේ මේ වනවිට Tbilisi State Medical University  මගින් වෛද්‍ය උපාධිය හදාරා වෛද්‍යවරියක වන්නට සූදානමින් සිටින සිසුවියකි.
ඇය පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ
පැතිරෙන එක් කතාවක් වන්නේ සයිටම්

ආයතන අාරම්භයේ රෙගුලාසි වලට පටහැනිව බඳවාගත් උසස් පෙළ අවම සුදුසුකම් නොලැබූ දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඇය බවයි.
ඇයට වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අවම සුදුසුකම් නොතිබියදී ඉහළ බලපෑම් අනුව එකල එම අවස්ථාව හිමිවූ බවටද රාවයක් පැවතිණි.
මේ වන විට ඇය සයිටම් වෙතින් බැහැරව විදෙස් අධ්‍යාපනය සඳහා පිටත්ව ඇත.

මහරගම සහේලි ගමගේ මාර්ගයේ පදිංචිව සිටින සහේලි 2011 සයිටම් ටැලන්ට් ෂෝ එකේදී ඇගේ සුපුරුදු ගායන දක්ෂතාවය පෙන්නුම් කළේ තවත් සගයෙකු සමග එක්ව ‘ජියෙ තෝ ජියෙ කේසේ‘ ගීතය ගායනා කරමිනි.
එම වීඩියෝව පහතින්