ඩර්ඩන්ස් රෝහලේදී දරුවකු මියයෑමට හේතු කියන්න
ටෙලි‍ෆෝන් එකින් බෙහෙත් කියූ
දොස්තර නෝනා උසාවි ඇවිත්


කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේදී අවුරුදු දෙකහමාරක පිරිමි දරුවකු සැකසහිත ලෙස මියයෑම සම්බන්ධයෙන් ඊයේ අධිකරණයේ නඩුවක් විභාග වුණා. එම දරුවා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ වෛද්‍යවරිය පරීක්ෂාවකින් තොරව දුරකථන මාර්ගයෙන් හෙදියන්ට දන්වා නොසැලකිල්ලෙන් දුන් එන්නතක් නිසා මරණය සිදුවූ බව
මේ සම්බන්ධ පැමිණිල්ලේදී

කරුණු හෙළි කර තිබුණි.
උණ රෝගයක් වැළඳී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිඟිත්තා හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යම මොහොතක අදාළ වෛද්‍යවරිය දුරකථන පණිවිඩ මාර්ගයෙන් එම වෛද්‍ය උපදෙස් ලබා දී ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටියදී රොසපින් නැමැති එන්නතක් සිඟිත්තා හට ලබාදීමට කටයුතු කර තිබේ. එන්නත ලබාදීමෙන් ඇති වූ ආසාත්මිකතාව නිසා පසුව දරුවා මරුමුවට පත්ව ඇත.

මෙවැනි ආකාරයෙන් කිසිදු පරීක්ෂාවකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර දුරකථන පණිවිඩ මාර්ගයෙන් ලබාදීම සදාචාරාත්මක නොවන ක්‍රියාවලියක් බවත් එය දැඩි අවධානයකට ලක් කළ යුතු කරුණක් බවත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා සටහන් තබා ඇත.
වේයන්ගොඩ බෝගහවත්ත පදිංචිව සිටි දිදුල සෙනහස් නමැති අවුරුදු දෙකයි මාස 11 වයසැති පිරිමි දරුවකු මේ ආකාරයට

මියගොස් තිබුණි. දරුවාගේ පියා වන හෂාන් උල්ලලපතිගේ කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මේ ගැන විමර්ශනයක් සිදු විය. ළමා රෝග විශේෂඥ වෛද්‍ය D.රුබේරු මහත්මිය දුරකථනයෙන් දන්වා සිටීමෙන් පසුව
රෝහලේ සිටි වෛද්‍ය හේවා මුණසිංහගේ අරුණා ප්‍රියංගනී  නමැති වෛද්‍යවරිය මෙම ප්‍රතිකාරය නියම කර තිබුණි.
වෛද්‍ය හේවා මුණසිංහගේ අරුණා ප්‍රියංගනී සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අප වෙත විස්තර කර තිබේ.
මෙම දරුවා 2016/08/02 වන අගහරුවාදා දින රාත්‍රී 10.30ට සති 03ක් තිස්සේ වරින් වර ඇතිවූ උණ සහ කැස්ස හේතුවෙන් රෝහල් ගත විය. ඉන් පසු මා රෝගියා පරික්ෂා කිරීමෙන් පසුව ළමා රෝග විශේෂඥ වෛද්‍ය D.රුබේරු මහත්මියට රෝගී තත්වය දුරකතනයෙන් දැනුම් දෙන ලදි. ඉන් පසුව රුබේරු මහත්මිය දරුවාට ප්‍රතිකාර කලයුතු ආකාරය දුරකතනයෙන් මා හට උපදෙස් දෙන ලදි රොසපීන් නමැති ප්‍රතිජීවක ඖෂධය දෙන ලෙසට උපදෙස් දෙන ලදි. එතුමියගේ උපදෙස් අනුව මම දරුවාට ප්‍රතිකාර කලෙමි. 2016/08/03 වන දින උදෑසන 05.30ට පමන රොසපීන් නමැති ඖෂධය වාට්ටු භාර හෙද සොයුරිය විසින් දරුවාට ලබාදෙන ලදි. ඉන් සුළු මොහොතකට පසුව දරුවාට අසාධ්‍ය විය. එම අවස්ථාවේ වාට්ටුවේ කාර්‍ය මන්ඩලය විසින් ඒබව මා හට දැනුම් දෙන ලදී. ඒ සමගම මම දරුවා ලගට ගොස් පරික්ෂා කෙරූ අතර ආසාත්මිකතාවයක් බව මට හැගුනු වහාම ඒසදහා අවශ්‍ය නිසි ප්‍රතිකාර කලෙමි. හදිසි අවස්ථාවට උචිත පරිදි සියලුම අංශයන් සහ රුබේරු මහත්මිය සහ විශේෂඥ වෛද්‍යවරුන් දැනුවත් කරන ලදි. සියළුම දෙනා එකතු වී දරුවා බේරාගැනීමට අවශ්‍ය උපරිම උත්සහය දැරූ අතර දැඩිසත්කාර ඒකකයට අතුළු කරන ලදි එහෙත් අවාසනාවන්ත ලෙස දරුවා දැඩිසත්කාර ඒකකය තුලදී එදින උදෑසන මියයන ලදි .
මිය ගිය සිගිත්තාගේ පශ්චාත් මරන පරීක්ෂණයෙන් මරනයට හේතුව රොසපීන් නමැති එන්නත ලබාදීම නිසා එමගින් ඇති උ ආසාත්මිකතාවය හේතුවෙන් සිදු වූ හදිසි අනතුරක් බවට නිගමනය කරන ලදි.

කොල්ලුපිටිය පොලිසියේ (14004) ජයලත් හා මරදාන පොලිසියේ පොලිස් සැරයන් (27689) ලාල් පතිරණ යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙය වූ අතර වැඩිදුර විභාගය ඉදිරියටත් සිදුවේ.