මීගමුවේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වී සම්බාහනයක් නොමි‍ලේ ලබා ගත්තේ යැයි කියන
සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුත්තලම කොට්ඨාසයේ උප ‍පොලිස්

පරීක්ෂක දැඩි අප කොන්දේසි මත මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්
රුචිර වැලිවත්ත මහතා
(06) නියෝග කළේය.

රු. 10,000ක මුදල් හා රු. 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා  හැරීමට නියෝග කරමින්
මාසයේ තුන්වෙනි ඉරුදින මීගමුව ‍පොලිසියේ පෙනී සිටීමට සැකකරුට නියම කරන ලදී. සාක්ෂිකරුවන්ට
බලපෑම් කළහොත් ඇප අවලංගු කර නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන බවද ප්‍රධාන
මහෙස්ත්‍රාත්වරයා නියෝගය දෙමින් පැවසීය. සැකකාර උප ‍පොලිස් පරීක්ෂක එම ආයතනයට සම්බාහනය
කරවා ගැනීමට කොපමණ වාර ගණනක් ගොස් ඇත්දැයි මීගමුව ‍පොලිසියෙන් මහෙස්ත්‍රාත්වරයා විමසූ විට
පැමිණිල්ල මෙහෙයවන ලද මීගමුව ‍පොලිසියේ සැරයන් පැවසුවේ පස් වතාවක් ගොස් ඇති බවට අනාවරණය
වී ඇති බවය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ හුණුපිටියේ ගැමුණු මාවතේ අංක 39හි පදිංචි, පුබුදු ප්‍රසන්න ජයනාථ
රාමනායක නමැති උප ‍පොලිස් පරීක්ෂක කෙනෙකි.

(එස්. ප්‍රනාන්දු – මීගමුව)