ඇස් පෙනීම දුර්වල සිසුවිය ගාල්ලෙන් එක
විභාගයට ලිව්වේ පෑනෙන් සාමාන්‍ය අය වගේ


මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කලා අංශයේ ප්‍රථම තැන දිනා සිටින තනූෂි මල්ලිකාරච්චි සිසුවියගේ උත්සාහය අති විශේෂ එකකි. එක් ඇසක් නොපෙනෙන ඇයට අනෙක් ඇස පෙනෙන්නේ ඉතා යංතමිනි. නමුත් ඇය ඒ පේන ප්‍රමාණයෙන් උපරිම වැඩ ගෙන
තිබේ. ඇය විභාගයට ලිව්වේ බ්රේල් ක්‍රමයෙන් නොව
අනෙක් සිසුවියන් ලියන ආකාරයටම පෑනෙනි.

භාෂා ඉගෙනීම පිළිබඳ විශේෂ සමත්කමක් ඇති බව කියන ඇය සිංහල, දෙමළ, ඉංග‍්‍රීසි, ප‍්‍රංශ හා ස්පාඤ්ඤ භාෂා කථා කළ හැකි අයෙකි. ඇයගේ උසස් පෙළ විෂයන් වූයේ ඉංග‍්‍රීසි සාහිත්‍ය, ප‍්‍රංශ භාෂාව හා දේශපාලන විද්‍යාවයි ඇය ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයෙන් විභාගයට පෙනී සිට කලා අංශ දිස්ත්‍රික් ප්‍රථමයා වූයේ එම විෂයන් 3 ටම ඒ සාමාර්ථ ලබමිනි.
18 හැවිරිදි තනූෂි ජීවත්වන්නේ ගාල්ල හීන්පැන්දුල ප‍්‍රදේශයේයි. උපතින්ම දකුණු ඇස අහිමි වූ ඇයගේ වම් ඇස පේන්නේ 15% ක් පමණක් බව වෛද්‍යවරුන් දන්වා ඇත.
දැඩි අධිෂ්ඨානයෙන් යුතුව උසස් පෙළ අධ්‍යාපන වැඩකටයුතු කළ තනූෂිට මෙම ජයග්‍රහණය සඳහා සිය කැපවීම දායකවූ බව කියා තිබුණා. ඇයට පාසලෙන් හා නිවසින් ලැබුණ උදව්ද මීට බෙහෙවින් ඉවහල්වී ඇත.

කොළඹ පෞද්ගලික ආයතනයක තනුෂිගේ පියා සේවය කරන අතර ඇය නිවසේ වසන්නේ මව නැගණිය සමගිනි.
අරමුණකට වැඩ කරනවා නම් ශරීරයේ අඩුපාඩු බාධා නොවන බව ඇය ඔප්පු කර පෙන්වා අවසානය.