ඇමරිකාවේ සමුගන්නා ජනපති බරක් ඔබාමා ඒ බී සී රූපවාහිනිය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී අනාගත ජනපති ට්‍රම්ප්ට අවවාදයක් කර ඇත.
පවුලේ ව්‍යාපාරයක්

කළමනාකරණය කරන ආකාරයෙන් ධවල මන්දිරයේ සිට රට පාලනය කිරීමෙන් වළකින්නැයිද ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පෘථිවියේ ඇති විශාලතම සංවිධානයේ ප‍්‍රධානියා තමන් බව සිතට ගතයුතු යැයි ද බරක් ඔබාමා ප‍්‍රකාශ කර ඇත.
ට්‍රම්ප් ඉඩකඩම් අලෙවිය සම්බන්ධ ඇමරිකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකුව සිටි අයෙකු වන අතරම ඔහුගේ ව්‍යාපාර පවුලේ එකක් ලෙස පාලනය සිදුවිය.දැනටත් එහි කොටස් කරුවන් වන්නේ ඔහුගේ දරුවන් හා ඥාතීන්ය.
ඇමරිකාවේ ඉදිරි ධවල මන්දිර පරිපාලක හැටියට ට්‍රම්ප් තෝරාගෙන ඇත්තේද පවුලේ සාමාජිකයෙකි.
අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහණය බලාපොරොත්තු වූ එකක් නොවීම නිසා ඔබාමාගේ සිතේ කලකිරීම පෙන්වූ තවත් එක් අවස්ථාවක් ලෙස මෙම කතාව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියාවේ ප්‍රචාරණ බලපෑමක් මත හිලරි පරාජයවීම ගැන කරුණු හෙළිවීමෙන් පසු රුසියානු තානාපති කණ්ඩායමක් පිටුවහල් කරන්නටත් ඔබාමා පසුගිය දිනවල කටයුතු කර තිබුණි.
ට්‍රම්ප් ලබන 20 වනදා සිට එරට ජනපති ධූරයේ වැඩ අරඹනු ඇත.