මහත්තයත් මෙහේ කෙනෙක්
ලංකාව හෙල්ලෙන වෙඩින් ඕන වුණේ නෑ


ඉස්සරහට පොඩ්ඩක් සිනමාවෙන් අයින් වෙනවා
- විවාහයෙන් පසු මුල්වරට පූජා කතා කරයි

පසුගියදා රහසේම විවාහවී රට ගිය බවට වාර්තා පළවූ සිනමා නිළි පූජා උමශංකර් සිය විවාහයෙන් අනතුරුව ප්‍රථම වරට ඒ ගැන කතා කර තිබේ.කෙසේ වෙතත් ඇය විවාහ වූ සැමියා ගැන වැඩිමනක් විස්තර මෙහිදී හෙළි කර නැත.
ඇයගෙන් ඇසූ ප්‍රශ්න වලට ලබාදුන් පිළිතුරු මෙසේය.
පූජා මොකද හොරෙන් බැන්දේ?
හොරෙන් නෙමෙයි.
රෙජිස්ට්‍රාර් ළඟ අත්සන් කරලා. පවුල් දෙකම ඔක්කොටම කියල තමා බැන්දේ.

ඔයාට තියන ප්‍රසිද්ධියේ හැටියට ලංකාව හෙල්ලෙන්න මගුලක් ගන්න තිබුණා නේද?

කොච්චර ලොකුවට වෙඩින් එක ගත්තත් අන්තිමට මමයි මහත්තයයිනෙ

ජීවත් වෙන්නේ. බොරුවට සෝභනේට සල්ලි නාස්ති කරන්න මම කැමති නෑ. වැඩිපුර සල්ලි තියනව නම් මම කැමතියි ඒ සල්ලි චැරිටි වැඩවලට දෙන්න.

ඔයා එහෙම ඒව කරනවද?

ඒක මගේ විනෝදාංශය. අරණායක අනාථවූවන්ට මං ඒ දවස්වල රෙදි බෙදුවා. දැන් ඒ අයට ගෙවල් 100ක් හදන ප්‍රොජෙක්ට් එකකට උදව් කරනවා.

ඔයා ඉන්දියන් නිළියක් නේද? බැන්දෙත් එහෙන්මද?
මම ඉන්දියන් නිළියක් නෙමෙයි. මං ලංකාවෙ කෙල්ලක්.මගෙ අම්මා සිංහල බෞද්ධ මං ඉපදුනේ කොළඹ. මං බැන්දෙත් ලංකාවෙ කොල්ලෙක්. මං ඉන්නෙත් ලංකාවෙ. සිංහල හා දෙමළ හොඳට කතා කරනවා. මගෙ තාත්තා ඉන්දියන් ජාතිකයෙක් නිසා මම ඉගෙන ගත්තෙ ඉන්දියාවෙ. එච්චරයි. මං දැන් ලංකාවේ හොඳම කෙල්ලක්.
මට ඉස්සර ෆිල්ම් වලට වෙන අය ඩබ් කළා. ඒත් සරිගම ෆිල්ම් එකට මගෙමයි කටහඩ. ඉස්සර මට තිබුණ සිංහල ප්‍රොනවුන්සේෂන් ප්‍රශ්නෙ දැන් හදාගෙන තියෙන්නෙ.

මහත්තයාගෙන රඟපෑමට තහංචියක් තියනවලු නේද?

නෑ මහත්තයාගෙන් විරෝධයක් නෑ.එයාගෙන් සහාය තියෙනවා.හැබැයි මම මීට පස්සෙ ටිකක් පරිස්සමට තොරගෙන තමයි රඟපාන්නේ. දැනට නම් මං මැරි කළා විතරනේ. මට පොඩි බ්‍රේක් එකක් ඕන වෙලා තියනවා.
මැරේජ් ලයිෆ් එක මට හුරු නෑනෙ. මට සෙට්ල් වෙන්න පොඩි කාලයක් ඕන. ඊට පස්සෙ ආයෙත් ෆීල්ඩ් එකට යාවි.

(සාකච්ඡාව -සමන්ත යහම්පත්)