රුවන් වැලි සෑය ඩ්‍රොන් වීඩියෝ කරන්න ගොස්
පිරිස නොසන්සුන් කළ මාධ්‍යවේදියා
බඩුත් සමග අත්අඩංගුවට



ඩ්‍රෝන කැමරා මගින් ප්‍රවෘත්ති මාධ්‍යවේදීන් වීඩියෝ පටිගත කිරීම් සිදු කරන්නේ නම් අවසර ගැනීම් අත්‍යවශ්‍ය බව පසුගිය සතියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දුන්නේ තවම ඊට නීතිමය තත්වයක් නැති නමුත් ඉදිරියේදී නීතිය සකසන බව පවසමිනි.
පොලීසියේ නිසි අවසරයක් නොමැතිව භාවිත කළ ඩ්‍රෝන කැමරාවක් සහ එය හැසිරවූ බව කියන මාධ්‍යවේදියෙකු අද අනුරාධපුරයේදී
අත්අඩංගුවට ගෙන තිබේ.
රුවන්වැලි මහ සෑයේ

පැවැති කප්රුක් පූජාවක් ආවරණය කිරීම සඳහා පැමිණි බව කියන මෙම මාධ්‍යවේදියාගේ ඩ්‍රෝන කැමරාව ගුවනට නංවා ඇත්තේ පොලිස් අවසරයකින් තොරව බව පැවසිණි.එම ඩ්‍රෝන කැමරාව ගුවනේ එහේ මෙහේ සැරිසැරීම පැමිණි බැතිමතුන්ට බාධාකාරී වු බවත්

ඔවුන්ගේ ශීලමය අවධානය වෙනතක හැරවූ බවත් පැවසුණු අතර එක් අවස්ථාවක රුවන්වැලි සෑයේ ගැටී එය බිමට වැටී ඇති අතර එම අවස්ථාවේ ඇතැම් පිරිස් එය නරඹන්නට ඇදවැටුණ කැමරාව දෙසට ගොස් වටකරගෙන ඇත.

පෞද්ගලික රූපවාහිනී සේවයක වීඩියෝ ශිල්පියෙකු සතු මෙම ඩ්‍රෝන කැමරාව පසුව පොලිසියේ අවධානයට යොමුවී ඇති අතර අවසර නැතිව භාවිත කිරීම නිසා මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
අනුරාධපුර පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ සිදු කරයි.
මින් ඉහත හම්බන්තොට ඇතිවූ නොසන්සුන් වාතාවරණයක් ඩ්‍රෝන කැමරුවකින් රූගතකරද්දීද පොලිසියේ ග්‍රහණයට ලක්විය.