මෙවර සතිඅන්ත පුවත්පතකට අලුත් හඳුන්වාදීමක් ගැන කරුණු පැහැදිලි කර තිබෙන උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති මොහාන් ලාල් ග්‍රේරෝ නවක වදය සම්බන්ධයෙන් සිදුකළ නව වැඩ පිළිවෙල පැහැදිලි කර ඇත්තේ මෙසේය.

‘විශ්ව විද්‍යාල නවකවදය ගැන අපි සැලකිය යුතු

සමීක්ෂණයක් කළා. ආචාර්ය වරුන්ට වැඩමුළු පැවැත්වුවා. නවකවදයෙන් පීඩාවට පත්වන අයට වෙනම ඒකකයක් අපි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙ පිහිටුවලා තියනවා. ඉන්දියාවෙන් මෘදුකාංගයක් ගෙනවිත් අපි වැඩිදියුණු කළා. අලුතින් විශ්ව විදු්‍යාලයට එන දරුවන්ට නවක වදයදීම හා ලිංගික බලහත්කාරකම් සම්බන්ධ ගැටලු තියනවා නම් ඒ පිලිබඳව ඔන්ලයින් ක්‍රමය මගින් දැනුම් දෙන්න පුළුවන්.ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයටයි එය සකස් කර ඇත්තෙ.
මේ ගැන තාම සිසුන් දැනුවත් නෑ. අපි ඉක්මණින් ඒක කරනවා. එතකොට ටෙලිෆෝන් කෝල් එකකින් හෝ එස්එම් එස් වයිබර් වට්ස් ඇප් ඊමේල් ආදී ඕනෑම ක්‍රමයකින් තමන්ට සිදුවන අතවරය ගැන බලධාරීන් දැනුවත් කළ හැකියි.ඒ මොහොතෙම විශ්ව විද්‍යාල බලධාරීන්ට ඒ ගැන පියවර ගන්න පුළුවන් වෙනවා.‘