“ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු“ ගැයූ
දීපාල් සිල්වා සදහටම සමුගනී


ජනප්‍රිය ප්‍රහසන නළුවෙකු සහ ගායකයෙකු වූ දීපාල් සිල්වා අද උදෑසන රාගම රෝහලේදී අභාවප්‍රාප්ත විය.
“ඒ් රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු, මදුරුවන්ට එන්න කියමු මල් පැණි බොන්න,අද නොකර කතා ඉන්නේ
මොකද කියා“ වැනි ජනප්‍රිය ගීත නිසාද ප්‍රකට වූ ඔහු නිහාල් සිල්වා මහතාගේ අභාවයෙන් පසු වේදිකාවේ ජනප්‍රිය සාජන්ට් නල්ල තම්බි චරිතයට පණ පෙවූ නළුවාය.

1967 නොවැම්බර් 20 වැනි දින උපන් ඔහු 1990 දශකයේදී උපහාසාත්මක රංගනය ඇරඹූ  අතර මෑත කාලය තුළ
ප්‍රසංග වේදිකාවට ඔහු නැතිවම බැරි චරිතයක් විය. ඉතා කෙටිකාලයක් තුළ උත්සන්නවූ රෝග තත්වයක් නිසා ඔහු මියගිය බව රාගම රෝහලේ අාරංචි අනාවරණය කළා.

ඔහු මියයන විට 50 වන වියේ පසු වුණා.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.ඔහු ගැයූ ගීතයක් පහතින්