බ්‍රිතාන්‍යයේ පළවන ප්‍රසිද්ධ මූල්‍ය සඟරාවක් වන “ද බෑන්කර්” සඟරාව ආසියා පැසිෆික් කලාපයේ
2017 වසරේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මැනවින්

කළමනාකරණය කරමින් එය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට රවි
කරුණානායක ඇමැතිවරයාට හැකි වූ බව විස්තර කරන එම සඟරාව ජාත්‍යන්තර මූල්‍ය
අරමුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය ගැනීමට සමත් වීම මගින් රටේ ගෙවුම් ශේෂය හේතුකරගෙන ඇති වූ මූල්‍ය
අර්බුදය වළක්වා ගැනීමට සමත් වූ බවත් විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය යළි ගොඩනැගීමට හැකි වූ බවත් පෙන්වා දෙයි.
2015 වසරේ පැවති අයවැය පරතරය වන 7 ක ප්‍රමාණය බලා‍පොරොත්තු වූ පරිදි 5.4 දක්වා අඩුකර ගැනීමට රවි කරුණානායකට හැකි වූ බවද 2014 පැවති රටේ ආදායම රුපියල් බිලියන 1,205, 2015 වසරේ දී රුපියල් බිලියන1,461 දක්වා වැඩිකර ගැනීමට හැකි වී ඇති අතර බදු ගෙවීම  මිනිසුන්ගේ සිත් තුළට කාවැද්දීමට සමත්ව සිටීම ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ ලිපිගොනු 2015 පැවති ලක්ෂ 7 ක ප්‍රමාණය මේ වන විට ලක්ෂ 14 දක්වා ඉහළ ගොස් තිබීමෙන් ඔප්පුවී ඇතැයිද සඟරාව සඳහන් කර සිටී.

ඔවුන්ගේ හේතු පාඨ සඳහන් ලිපිය පහතින්