මිනී සාප්පු කාන්තාව මළ සිරුරක් සමග එක්වී 
දරුවෙකු බිහි කළ කතාව කෙප්පයක්

ඇමෙරිකාවේ Kansas City ප්‍රදේශයෙ මෘත ශරීරාගාරයක සේවය කරන සේවිකාවක් මළසිරුරක් සමඟ ලිංගිකව එක්වීමෙන් පසුව දරුවෙකු බිහිකළ බවට පසුගිය දිනවල අන්තර්ජාලය ඔස්සේ පතුරා තිබුණ කතාව නිර්මාණාත්මක ප්‍රබන්ධයක් බවට දැන් අනාවරණය වනවා.මෙම අසත්‍ය පුවත මීට වසරකට පමණ පෙර ලොව පුරා ප්‍රචාරය වූවක් වන අතර
එහි අසත්‍යතාව ඒ කාලයේම වෙනත් මාධ්‍යවලින්ද දන්වා තිබුණත් නැවත නැවත එය අලුත් වෙමින් පැතිරෙන පුවතක් බවට පත්ව ඇත.
26 හැවිරිදි Jennifer Burrows නම් මෙම කාන්තාවක විවිධ අවස්ථාවන් වලදී මළසිරුරු 60කට අධික ප්‍රමාණයක් සමඟ ලිංගිකව එක්ව ඇති බවත් මියගිය අවුරුදු 17 සහ 71 අතර වයස් සීමාවල

පසුවන්නන් බවත් මෙම කතාවට අදාළ ඇය විසින් බිහිකළ දරුවා මාර්තු මාසයේ රිය අනතුරකින් මියගිය පුද්ගලයෙකුගේ බව එම පොලිසිය ප්‍රකාශ කර ඇති බවත් එම පුවතින් කියැවිණි.
මේ ආකාරයට පණ නැති කෙනෙකු සමග එක්වී දරුවෙකු බිහිකිරීමේ හැකියාවක් ජෛව විද්‍යාත්මකවද පැහැදිලි කළ නොහැකි නිසා මෙම පුදුම පුවත ගැන වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති විය.
නමුත් අන්තර්ජාලය කැළඹවීමට ඇතැමුන් හිතාමතා කලින් කලට ප්‍රචාරය කෙරෙන අසත්‍ය පුවත් නිර්මාණයක් ලෙස මෙම පුවත හඳුනාගත හැකි බව මේ ගැන සොයා බැලූ ඇමරිකානු පුවත් වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ. ඒ ආකාර සිදුවීමක් Kansas City පොලිස් පොතේ ඉතිහාසය තුළම වාර්තාවී නැති බවත් මේ කියන කාන්තාව පවා කිසිවෙකු නොහඳුනන අයෙකු බවත් ඒවැනි දරුෙවකුද නැති බවත් එම පැහැදිලි කිරීම් වල දැක්වේ.
වසරකට පමණ පෙර ඒ ගැන කර තිබෙන පැහැදිලි කිරීම මෙම යොමුවෙන් බලන්න
http://hoax-alert.leadstories.com/