බස් වර්ජනය නිසා මගීන් අමාරුවේ
ගල් වදිවි කියා ගැමුණුගේ බසුත් නැවතිලා


වැරදි 7 ක් වෙනුවෙන් 25000 දඩ ගැසීම අසාධාරණ බව කියමින් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ පුද්ගලික බස් වර්ජනය නිසා කොළඹ හා ආසන්න නගරවල මේ වනවිට කාර්යාල සේවකයින් රැසක් සිය සේවා ස්ථාන කරා යාමට නොහැකිවීමෙන් අපහසුතාවයට ලක්ව ඇත. පුද්ගලික බස් රථ සංගම් රැසක් මෙම වර්ජනයට එක්වන බව දන්වා තිබුණ අතර ගැමුණු විජේරත්න මෙහෙයවන
බස් සංගමය දන්වා තිබුනේ ඒ ඒ අයගේ අභිමතය මත තීරණ ගන්නා ලෙසයි. ඒ අනුව ඔවුන්ගෙන් වැඩි පිරිසක්ද මෙම වර්ජනයට එක්ව තිබීම නිසා ඇතැම් ප්‍රදේශවල පාරවල් පාළුවට ගිය ස්වභාවයක් අද උදෑසන වනවිට වාර්තා වුණා.
වර්ජනයට බස් රථ 18000 ක් එක්වන නමුත් එම අඩුව පුරවන්නට රජය එක්කරන්නට


සූදානම් කළේ බස් රථ 6000 ක් පමණි.ඒවාද අද උදෑසන නොතිබූ සෙයක් දක්නට ලැබිණි.
බොහෝ දුරට සහනයක් හටගෙන තිබෙන්නේ ලංගම බස් රථ නිසා පමණි.මෙම වර්ජනයට සහය නොදෙන සංගමයේ බස් පවා ධාවනය නවතා ඇත්තේ ගල් ප්‍රහාර එල්ලවේය යන බිය නිසාය. වර්ජනය පාවා දුන්නේ යයි කියමින් ධාවනය කරන පුද්ගලික බස් රථ වෙත අද උදෑසන එවැනි ගල් ප්‍රහාර එල්ලවූ සිදුවීම්ද වාර්තාවී තිබේ.ගල්කිස්ස ටේම්ප්ලර් පාර අසල දුරගමන් ලංගම බස් රථයකට ගල්ප්‍රහාර එල්ලවී ඇත.ත්‍රිකුණාමලය - නුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස්
රථයකද ගල් ප්‍රහාර එල්ලවී ඇත.
අයවැයෙන් රථ වාහන වැරදි 7 ක් සදහා රුපියල් 25000 ක දඩයක් නියම කිරිම කාටත් පොදු අත්‍යවශ්‍යෙයන් රැකිය යුතු නීති වන අතර පුද්ගලික බස් හිමියන් කිපී ඇත්තේ අධික වේගයෙන් ධාවනය හා වමෙන් ඉස්සර කිරීම වැනි වැරදි ඔවුන් අතින් නිරන්තරයෙන් සිදුවන නිසා මෙම දඩයෙන් කරදර ඇතිවේය කියාය.
බස් වර්ජනය නිසා අද කාර්යාල වලට නිසි වේලාවට වාර්තා කරන්නට බොහෝ පිරිසකට අපහසුතා ඇතිව තිබේ.
රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සම්මේලනය රජයට දන්වා සිටින්නේ ඒ නිසා සහන කාලයක් ප්‍රකාශයට පත් කරන ලෙසයි.
කෙසේ වෙතත් අද දවසේ පාසල් ප්‍රවාහනය අඩාලවී නැත. පාසල් වෑන් රථ සේවාවද අද ක්‍රියාත්මකය. නමුත් පාසල් නිවාඩු දෙන දිනයක් බැවින් බොහෝ පාසල් සිසුසිසුවියන්ද අද නිවාඩු දිනයක් කරගෙන තිබේ.
අද දිනය ත්‍රීරෝද රථ රියදුරන්ට වසන්ත කාලයක් බවට පත්ව ඇති අතර ඔවුන්ට හයර්වල නිමක් නැත.
අද සවස කොළඹ සිට දුරපළාත් වලට සතිඅන්තයේ ගම්බද නිවෙස් කරා යාමට  ගමන් කරන මගීන් රැසක් සිටින නිසා මෙම බස් වර්ජන ගැටලුව හවස් කාලය වනවිට තවත් උග්‍ර අතට හැරෙනු ඇත. උදේ 10 වන විට තත්ව වාර්තාව පහතින්