දඩ කොළ මඟින් රථවාහන දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව ත්‍රිරෝද රථ රියැදුරන්ගේ විරෝධතා පෙළපාළියක්
අද (02දා) පෙරවරු 10ට

කොළඹ නෙලුම් පොකුණ මංසන්ධියෙන් ඇරැඹීමට කටයුතු යොදා ඇත.
දඩ මුදල් වැඩිකිරීම නිසා ඒසා මුදලක් ගෙවීමට නොහැකිවීමෙන් තමන්ව සිරගෙවල්වල ගාල්කර තම අඹු දරුවන් සියදිවි නසා ගන්නා තත්ත්වයට පත් කිරීමට එරෙහිව ජනාධිපතිවරයාට සන්දේශයක් භාරදීමට තම සංගමය කටයුතු යොදා ඇතැයි ඊයේ (01දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් රෝහණ පෙරේරා මහතා සඳහන් කළේය.

(උපතිස්ස පෙරේරා)