දුම්වැටි ඇසුරුම කඩා වෙන වෙනම අලෙවි කිරීම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව දුම්වැටි අලෙවි කිරීමට අවසර ලැබෙනු ඇත්තේ පැකට් වශයෙන් පමණයි.
දුම්වැටි භාවිතය සඳහා


පුද්ගලයින් අධෛර්ය කිරීම මෙහි අපේක්ෂාව වී තිබෙනවා. ඇතැම් විදේශ රටවල ද මීට සමාන නීති් ක‍්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ. සුදු පැහැති දුම්වැටි අසුරණ හඳුන්වා දීම ද කඩිනමින් සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.