ලබන ජනවාරි මාසයේ ඇමරිකාවේ ජනපති ධූරයේ වැඩ භාරගන්නට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නිවහන
ලෙස එම තනතුරත් සමග ධවල

මන්දිරය භාවිත කරන්නට වොෂින්ටන් නුවරට පැමිණියත් ඔහුගේ වත්මන් බිරිය වන මෙලානියා ට්‍රම්ප් හා ඔවුනගේ ළාබාල පුතු බාරොන් ධවල මන්දිරයට නොපැමිණෙනු ඇතැයි වාර්තාවේ.
මෙයට හේතුව දැනට බාරොන් අධ්‍යාපනය ලබන ප්‍රාථමික පාසලේ ඉදිරි අධ්‍යයන වර්ෂය සම්පූර්ණවන තුරු බාරොන් එහි රැඳී සිටීම වැදගත් යයි කල්පණා කර ඇති නිසාය. එම පාසල පිහිටා ඇත්තේ නිව්යෝර්ක් නුවරට යාබදවයි. නිතිපතා නිව්යෝර්ක් නුවරට යාම වොෂින්ටනයේ සිට කරදර බැවින් මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත් එම කටයුතු නිමවූ වහාම පාසල් අධ්‍යයන වර්ෂ අවසානයේ එම දෙදෙනා ධවල මන්දිරයට පැමිණෙනු ඇතැයි ට්‍රම්ප් ඊයේ කියූ බව සීඑන්එන් වාර්තා කරයි.