විමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ 
සිරුරේ තැලීම් ඇති බවට මරණ පරීක්ෂක වාර්තා
ශරිර කොටස් රස පරික්ෂක වෙත

ඊයේ  පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ නිවසේදි මිය ගිය බවට වාර්තාවූ තරුණයාගේ මරණ පරීක්ෂණය අද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී මරණ පරික්ෂක පි.ඩි. ගලගෙදර මහතා විසින් සිදු කරනු ලැබුවා.
එහිදී මියගිය තරුණයාගේ නාසයෙන් රුධිරය පිටවි ඇති බවත් මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා ගොස් ඇති බවත් සටහන් කර තිබෙන අතර බෙල්ල ප්‍රදේශයේ තැලිම් ස්වභාවයක් සහ දකුණු අතේ සිරිම් සහිත අස්වාභාවික තත්වයක් නිරීක්ෂණය වී ඇතැයි සඳහන් කොට තිබේ.
ඒ අනුව තරුණයාගේ මිය යෑම වැඩිදුර අධ්‍යයනයකින් මිස හේතුව නිශ්චිතව දැක්විය නොහැකි බව
රෝහල් මරණ පරික්ෂක ගලගෙදර මහතා සටහන් කොට ඇත. තිරණයකට එළඹිමට නොහැකිවිම නිසාවෙන් විවෘත තින්දුවක් ලබා දුන් මරණ පරීක්ෂකවරයා තලංගම පොලිසියට ඒ ගැන  දැනුම්දීමෙන් පසුව පොලිසිය බී වාර්තාවක් මගින් කඩුවෙල මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කළා.



කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස් මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව ජයවර්ධනපුර රෝහලටද ගොස් තරුණයාගේ සිරුර පරික්ෂා කළා. පසුව නියෝග කලේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දකුණු කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තා තමාට ලැබිමට සලස්වන ලෙසයි.

එ් අනුව පැවති පශ්චාත් මරණ පරික්ෂණයේ තින්දුව වුයේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂක වෙත යොමු කිරිමයි.
දකුණු හෝකන්දර අංක 71 නිවසේ පදිංචි 24 හැවිරිදි ළහිරු ජනිත් දිසානායක නමැති තරුණයා මේ ආකාරයට මියගොස් තිබුනේ විමල් වීරවංශට අයත් නිවසේ උඩු මහලේදී රාත්‍රියක් නවාතැන් ගෙන සිටියදීය.මියගිය තරුණයා කලක පටන් විමල් වීරවංශ මහතාගේ නිවසටයන එන බවත් විමල් පුතු විභූතිගේ මිතුරෙකු බවත් වාර්තාවී තිබුණා.

තරුණයාගේ නිවස පිහිටා තිබුනේද විමල්ගේ නිවසට ඉතාම ආසන්නයේය.
විමල්ගේ බිරිය ශෂී වීරවංශ මේ මරණය ගැන මාධ්‍ය ඉදිරියේ කියා තිබුනේ


තරුණයා මියයනතුරු මේ ගැන කිසිවක් දැන සිටියේ නැති බවත් ඔහු උදේ නැගිටින්නේ නැතැයි තම පුතා කියූ පසු තමා ඒ ගැන බලන්නට ගියේ තරුණයාගේ මව වන රූපිකා නිවසට කැඳවා ඒමෙන් පසු ඇයත් සමග බවත්ය.
තරුණයාගේ පියාගේ ආරෙයට යමින් තරුණයාද හෘදයාබාධයකින් මියයන්නට ඇති බව තරුණයාගේ මව කියූ කතාවක්ද විමල්ගේ බිරිය මාධ්‍ය වෙත කියා සිටියාය.

මේ සම්බන්ධ රස පරීක්ෂක වාර්තා ලැබුණ පසු මහේස්ත්‍රාත් නියෝගයක් ලැබෙන්නේ නම් පොලිස් පරීක්ෂණ සිදුවනු ඇතැයි වාර්තාවේ.


සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව මෙතැනින්