‘උසාවිය නිහඬයි’අධිකරණ වාරණය ඉවතට 
- පබ්ලිසිටි නොමිලේ


ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි චිත්‍රපටයේ තමන්ගේ කතාව ඇතුළත් යයි කියමින් හිටපු විනිසුරුවරයෙකු පවරා තිබූ නඩුවක් නිසා මහජන ප්‍රදර්ශනය වළක්වමින් කොළඹ දිසා අධිකරණය පසුගියදා වාරණ නියෝගයක් පැනවූ නමුත් අද එය ඉවත් කර තිබේ.
කොළඹ දිසා විනිසුරු එම්.යූ. ගුණවර්ධන මහතා හමුවේ වගඋත්තරකාර ප්‍රසන්න විතානගේ මහතා
ඇතුළු 7 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැය 2කට ආසන්න කාලයක්


දීර්ඝ ලෙස කරුණු දැක්වූ පසුව එකී චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කීරීමට ප්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලය අවසරදීමද සැලකිල්ලට ගෙන දින 16 කට පමණක් සීමාවූ තහනම ඉවත් විය.

හිටපු මහේස්ත්‍රාත්වරයෙකු වන ලෙනින් රත්නායක සිය අධිකරණ සේවා කාලය තුළදී තමන් විසින් සිරගත කරන ලද සිරකරුවන්ට ඇප ලබාදෙන්නට ඒ අයගේ භාර්යාවන් සමග බලහත්කාරයෙන් යහන් ගතවූ සිද්ධි දෙකක් මීට වසර ගණනාවකට පෙර රාවය පුවත්පත හෙළි කර තිබුණ අතර ඒ සම්බන්ධ නඩු විභාග වෙද්දී මෙය විනිසුරුවරයෙකුටම විරුද්ධ නඩුවක් නිසා විවිධ බලපෑම් වලට ලක්වී වින්දිත පාර්ශ්වයන්ට සාධාරණයක් ඉටු වී නැත.

මෙය මුල් කර තැනුණ චිත්‍රපටය පිළිබඳ විශාල ප්‍රසිද්ධියක් නොතිබූ අවස්ථාවක එය තමාගේ කාරණාවක් කරගෙන ලෙනින් රත්නායක හිටපු විනිසුරු තුමා එම නිර්මාණයට එරෙහිව නඩු පවරා තිබුනි.
මේ හේතුවෙන් නොදන්නා විශාල පිරිසක් එම සිද්ධිය ගැන දැනුවත්වූ අතරම චිත්‍රපටයට වක්‍රකාරයෙන් ලැබුණ ප්‍රසිද්ධියද අති මහත්ය.
ඒ අනුව පසුගිය 5 වන දා තහනම් වූ උසාවිය නිහඬයි චිත්‍රපටය අද 21 සිට ප්‍රදර්ශනයට හැකියාව ලබා ඇත.

ලෙනින් රත්නායක විනිසුරු වරයා සම්බන්ධ මෙම චිත්‍රපට කතාව ගැන ගොසිප් ලංකා පෙර ලිපිය මෙතැනින්