යාපනය, කුලාපිට්ටික් හන්දිය ප්‍රදේශයේ අද (21) උදෑසන, සරසවි සිසුන් 2 දෙනෙකු යතුරු පැදියකින් ගමන්
කරමින් සිටියදී අනතුරට ලක්ව මියගොස් ඇත.


ඔවුන් දෙදෙනාගේ යතුරු පැදිය වැටී තිබුණ අතර මළ සිරුරුද ඒ අසළ විය. අනතුර සිදුවූ ආකාරය ගැන සාක්ෂි තවම ලැබී නැත.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර ඉගෙනුම ලබන කිලිනොච්චියේ පදිංචි නඩරාජා කජන් (23) හා චුන්නාකට්ටි පදිංචි පවන්රාජ් කුලක්ෂන් (24) සිසුන් දෙදෙනාය.
යතුරු පැදිය හමුවූ ස්ථානයේ ආරක්ෂාව යොදා පොලිස් පරීක්ෂන අරඹා ඇත. ඔවුන් මියගියේ අනතුරකින්ද නැතිනම් කිසිවෙකු මරා දමා අනතුරක් ආකාරයට පෙන්වූයේද යන්න ගැනද සැකයක් මතුව තිබේ.

සිද්ධියේ අලුත්ම තොරතුරු මෙතැනින්