රවීට මඩ ගැසුවේයයි හෙළිවූ
ෆේස්බුක් පිටුවේ හිටපු ඇඩ්මින් රූපසාගර රිමාන්ඩ්
   

මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම හා ට්විටර් පිටුව කිසිවෙකු විසින් ඔහු නොදන්නා දේවල් වලින් පුරවමින් ඔහුට අපහාස වන අකාරයට පවත්වා යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් පසුගියදා ඇමතිවරයා විසින් සිදු කළා.
එම පරීක්ෂකයින් කළ සෝදිසියේදී හෙළිව ඇත්තේ බියගම මුදියන්සේලාගේ රූප සාගර
නමැති අයෙකු මෙම කටයුත්ත සිදු කර ඇති බවයි. ඔහු ගැන ඇමතිවරයා දැනුවත් කළ පසුව අනාවරණය වී තිබෙන්නේ රූපසාගර යනු ඇමතිවරයා ළග මින් පෙර සේවය කළ සමාජ මාධ්‍ය හසුරුවන්නා බවයි.
ඔහු පසුගිය කාලයේ ඇමතිවරයා යටතේ සේවය කරද්දී පළ කරන්නට යෙදුණ වැරදි පොස්ටුවක් හේතුවෙන් සේවයෙන් පහකර තිබුණ අතර


එම අවස්ථාවේ ඇමතිවරයා සමග අමනාපයෙන් සේවයෙන් ඉවත්ව ගිය ඔහු තමන් සේවයෙන් පහ කිරීමේ පලිය ගන්නට උත්සාහ දරා ඇත්තේ අදාළ රහස් පද ඇමතිවරයා වෙත පත් නොකරමිනි.
ඔහු විසින් ඇමතිවරයාට අපහාස වන විවිධ කරුණු වරින්වර එම පිටුවල පළකරමින් අමුතු විනෝදයක් ලබා ඇත.

තමාගේ නම භාවිත කරමින් සමාජය ඉදිරියේ වැරදි කරුණු එළිදක්වන මෙම පුද්ගලයා එකී සමාජ මාධ්‍ය අනවසරෙන් පවත්වා යන බව ඇමතිවරයාට සැලවූ පසු ඇමතිවරයා ඔහු අමතා ඒවා නැවත භාර දෙන්නැයි ඉල්ලීම් කළද ඔහු එය කළ නොහැකි බව දන්වා ඇත.
ඇමතිවරයා නමින් ඇති පිටුවේ පරිපාලන බලතල නැවත බාර නොදීමේ සම්බන්ධයෙන් බියගම මුදියන්සේලාගේ රූපසාගරට එරෙහිව ඇමතිවරයා නඩු පවරන්නට අනතුරුව කටයුතු යෙදිණි.

අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු නොවැම්බර් 27 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල අනුව මෙම පරික්ෂණ සිදු කර ඇත.
වර්ෂ 2015 ඇඩ්මින් ලෙස බාරව සිටි ඔහු අනවරයෙන් ෆේස්බුක් ගිණුමේ තොරතුරු පළ කර තිබෙන බව අධිකරණයේදී ඔප්පු කළ හැකි සාධකද හමුවී තිබේ.