ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට පහරදීම සම්බන්ධයෙන් ඇගේ සැමියාට විරුද්ධව ඇති නඩුව ඊයේ (20දා) ගම්පහ අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ සුසන්තිකාට එම පහරදීමෙන් බරපතළ
නොවන තුවාල සිදුව තිබූ බවට වෛද්‍ය වාර්තාව


අධිකරණයට ඉදිරිපත් කළ වැලිවේරිය පොලිසිය නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කරන ලෙසට ඉල්ලීමක් කළේය.
ඒ අනුව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය එම නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කළා.
2016 ජුනි 18 වැනි දින අලුයම් කාලයේදී වැලිවේරිය දකුණු ඇඹරළුව ප්‍රදේශයේ ඉදිකරන නිවෙසක සිටියදී සුසන්තිකා ජයසිංහ මහත්මියට පහරදීම සම්බන්ධව ඇගේ සැමියා වූ කේ. ධම්මික නන්ද කුමාර යන අය වැලිවේරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් අතර පසුව රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරියා.
ඊයේ (20දා) නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ධම්මික නන්ද කුමාර යන අය සහ ඔහුගේ බිරිය වූ පැමිණිලිකාර සුසන්තිකා ජයසිංහ මහත්මියද අධිකරණයේ පෙනී සිටි අතර ඔවුන් සාමදාන වන්නට සූදානම් බව පොලිසිය දන්වා තිබුණි.