රොනාල්ඩෝ බුදු දහමට අපහාස කිරීම ගැන
ෆේස් බුක් රසිකයින්ගේ විරෝධය


ලෝක ප්‍රකට පෘතුගාල ජාතික පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ට අයත් ෆේස් බුක් ගිණුමේ බුදු දහමට අපහාස වන ආකාරයේ ඡායාරූපයක් පළකර තිබීම සම්බධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල විරෝධය හටගෙන තිබේ.
ඔහු දැන හෝ නොදැන බුදු පිළිමයක් අසළ පිළිම පුවරුවට පාදයක්ද තබාගෙන
මෙම ඡායාරූපයට පෙනී සිටිමින් ඔහු සිය රසිකයින්ට

පෘතුගාල බසින් සුබ උදෑසනක් කියා සුබපැතුමක් එක්කර  තිබේ.‍
මෙම ක්‍රියාවට විරෝධය පළ කරමින් බොහෝ දෙනෙකු එහි අදහස් පළ කර තිබුණත් ඔහු එය පැය 19 ගතවීත් ඉවත් කරගෙන හෝ ප්‍රතිචාරයක් දක්වා නැත. ඔහුගේ පිටුවට ලොව පුරා මිලියන 117 ක රසිකයින් ලයික් කර තිබෙන අතර මෙවැනි ඡායාරූපයක් සුළුවෙන් තැකිය නොහැකි බව වැඩි දෙනෙකුගේ අදහස වී තිබේ.

එම පොස්ටුවට යාමේ යොමුව පහතින්
https://www.facebook.com/Cristiano/