නෙස් ටී වල 
සෝදන කුඩු රසායනික ඇති බවට චෝදනා

ලංකාවේ බහුල වශයෙන් පරිහරණයට ගන්නා ක්ෂණික තේ පානයක අඩංගු රසායනික ගැන සැක මතුව තිබෙන බවට පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.ඒ නෙස්ලේ සමාගම විසින් නිපදවන නෙස් ටී නමැති ක්ෂණික තේ පැකැටිටු සම්බන්ධයෙනි.
බොහෝ ආපන ශාලාවල මෙන්ම ඇතැම් උත්සව ආදියේ භෝජනාගාරවල පහසුව පිණිස නෙස්ටී මැෂින් සවිකර තිබෙන අතර තේ සෑදීමේ සාමාන්‍ය ක්‍රියාවලියට වඩා පහසු ලෙස
එක්වරම තේ සාදාගැනීමට මෙම පැකට්ටුවේ කුඩු වලට උණුවතුර කලවම් කිරීමෙන් හැකියාව තිබේ.



පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කරන්නෙ නෙස් ටී නිෂ්පාදය සදහා trisodium phosphate නමි රසායනිකය අනතර්ගත කර ඇති බවත් එය සේදිමට භාවිතා කරනු ලබන රසායනිකයක් බවත්ය.
නෙස් ටී සදහා මෙම රසායනිකය භාවිතාකරනු ලබන්නේ තේ කැටි ගැසීම වැළැක්වීම සදහා හා වඩාත් අලංකාරව අවසන් නිෂ්පාදනය තබා ගැනීමට බව පෙන්වා දෙන ඔවුන්
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මගින් මෙම රසායනිකය ආහාර සදහා භාවිතා කිරීම මගින් වකුගඩු රෝගය ඇති විමට බලපෑම් කරන බව දන්වා තිබෙන බවද පෙන්වා දෙයි.
 එය ආහාර නිෂ්පාදන වලින් ඉවත් කළ යුතු බවට ඔවුන් නිර්දේශ කර ඇති බවද පෙන්වා දෙයි.
trisodium phosphate මිලි ගෑමි 70 කට වඩා දිනකට භාවිතා කිරීම මිනිස් සිරුරට නුසුදුසු බව ලෝක ආහාර හා ඖෂධ අධිකාරියද (FDA)නිර්දේශ කර තිබේ. මෙම රසායනිකය මිනිස් සිරට අහිතකර නම් අප භාවිතා කරන්නේ ඇයිද යන්න මෙරට පාරිභෝගිකයා විසින් තිරණය කළයුතු බවත් මෙම නිෂ්පාදනය තහනම් කිරීම සදහා බලපෑම් කිරීම වසවිස වලින් තොර ආහාර පිළිබදව හා වකුගඩු රෝගය වැලැක්විමට හඩ නගන අය කටයුතු කළ යුතු බවත්
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ දන්වා සිටී.