මේ  මස 30 දා සිට බලපාන පරිදි මිහින් ලංකා  (Mihin Lanka)ගුවන් සේවයේ සියලුම ගුවන් ගමන් අත්හිටුවීමටත් අයිතිය ශ්‍රී ලන්කන් වෙත පවරාදීමටත් එම සමාගම තීරණය කර තිබේ.   සමාගමේ ප්‍රධාන
විධායක නිලධාරී වරයා මේබව සියලුම ගුවන් ගමන් ආයතන වලට දැනුම් දී ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තයේ කාර්යක්ෂතාව උදෙසා මෙන්ම පිරිවැය කප්පාදුව සඳහා මෙම තීරණය ගත් බවද එම නිවේදනයේ දැක්වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කළ මිහින් ලංකා ගුවන් සේවා ඉන්දියාව, මැදපෙරදිග, සීෂෙල්ස් යන රටවල්වලට  ක්‍රියාත්මක වූ අතර එය දිගින් දිගටම අලාභ ලබන ආයතනයක් බවට පත්ව තිබුණි. නමුත් හිටපු ජනපති වරයා එයට දිගින් දිගටම අයවැයෙන් මුදල් වෙන්කරමින් පවත්වාගෙන ගියේය.