දිවිනසාගත් ජයමාන්න සිරගෙදර ඇවිත්
උදුලාගම මුණගැසිලා

අන්තිමට කොළඹ ආ දිනේ දේශපාලකයෙක් හමුවෙලා

ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කළේ තමන් බව කියමින් දිවි නසාගත් සාජන් මේජර් ජයමාන්න සම්බන්දයෙන් රහස් පොලිසිය සිදු කරන පරීක්ෂණ වල ප‍්‍රගතිදායක ආරංචි මේ වනවිට ලැබී ඇතැයි වාර්තාවේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරන ලැයිස්තුවේ සාජන් මේජර් ජයමාන්න නොසිටි බවට පළවූ ඇතැම් වාර්තා අසත්‍ය වන බව
දැන් සොයාගෙන ඇති අතර සැබැවින්ම ඔහු සැකකාර ලැයිස්තුවේ

සිටි ඉදිරියට අත්අඩංගුවට පත්වීමට ඉඩ තිබුණ සැකකරුවෙකු බවටද තොරතුරු හෙළිව ඇත. ඒ අනුව ජයමාන්න මේ කරුණු පිළිබඳ බියෙන් පසුවී හෝ කිසෙවකු කී නිසා මෙම තීරණය ගෙන තිබෙන බව නිරීක්ෂණය වී තිබේ.
මොහු ප‍්‍රකට දේශපාලනඥයෙකු සමග සමීප සම්බන්ධයක් පවත්වාගෙන තිය අයෙකු බවටත් සියදිවි නසාගැනීමට ආසන්නතම දිනයේ ඔහු කොළඹ ඇවිත් එම තැනැත්තා මුණගැසී ඇති බවටත් තහවුරු කරගතහැකි තොරතුරු මේ වනවිට පොලිසිය සොයාගෙන ඇත.
ඔහුගේ අවසන් ලිපියේ සටහන් වන උදුලාගම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කාලයේ සිරගෙදර අය බලන්නට පිටස්තරයින්ට ලැබෙන අවස්ථාව ප‍්‍රයෝජනයට ගෙන අවස්ථා කිහිපයකදීම සාජන් මේජර් ජයමාන්න එහි ගොස් උදුලාගම හමුවී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
තමන් අත්අඩංගුවට පත්වන ලැයිස්තුවේ සිටිනා ආරංචිය ඔහුට ලැබී ඇත්තේ අවසන් වරට කොළඹට ආ අවස්ථාවේය. මේ යන විදිහට තමන්ට ගැළවීමක් නැති බව ඔහු ඒ අවස්ථාවේ දැනගෙන ඇත.
අසු වුවහොත් අන් අය පාවාදෙන්නට සිදුවන බියට ඔහු පසුවදා සියදිවි නසාගෙන ඇති අතර රහස් පොලිසිය සිදු කරන විමර්ශනය අනුව මෙම පුද්ගලයා පවසන ආකාරයටම ලසන්ත ඝාතනයට සෘජුව සම්බන්ධවී ඇති බවටද තොරතුරු හෙළිව ඇත.
කෙසේ වෙතත් ඔහුගේ දිවි නසාගැනීම මත මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් සාක්ෂි විනාශවීමක් සිදුවී නැති අතර එයින් සිදුව ඇත්තේ මෙම පුද්ගලයා ඇසුරු කළ අය තවත් සැකයට භාජනයවීමයි.