සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් යැයි  ලිපියක් ලියමින් සිය නිවසේදී ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගත් යුද
හමුදා හිටපු බුද්ධි අංශ සාජන් මේජර්වරයාගේ

අවසන් කටයුතු 16 වනදා සිදු කර තිබුණ අතර කෑගල්ලේ  පුවක්දෙණිය පොදු සුසාන භූමියේදී මිහිදන් කර තිබුණි.  ඉන් දින 3 ක් ගතවී අද 19 ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා ලබාදුන් නියෝගයක් අනුව එම සිරුර
යළි ගොඩගැනීමට නියෝග කර අදම එය සිදු කරන්නට නියමිතය.
අයි.ඊ. ජයමාන්න නම් හිටපු බුද්ධි අංශ සාමාජිකයා ඉකුත්දා නයිලෝන් නූලක් ආධාරයෙන් ගෙළ වැළලාගෙන මියගියේ  ඔහු ලසත්න වික්‍රමතුංග ඝාතනය වගකීම බාර ගනිමිනි.