අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ කිසිදු නිලධාරියෙක් මතෛක් සිය සේවා කාලයම
එහි රැඳී නැති  බවත් විවිධ ප්‍රශ්න හා ගැටලුවලට මුහුණදීමට සිදුවී ඔවුන්ට ඉන් ඉවත්වීමට සිදුවූ
බවත් කොමිෂන් සභා තොරතුරු අනාවරණය කළේය.

ප්‍රථම අල්ලස් කොමිෂන් සභාව 1994 වසරේ දෙසැම්බර් 15 වෙනිදා පත්කිරීමෙන් පසු මේ වනවිට කොමිෂන් සභා 04ක් ක්‍රියාත්මකවී ඇත. වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ 05 වන කොමිෂන් සභාවය. ඒ කාලය තුළ සේවය කළ නෙළුම්ගමගේ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් වූ රියන්සි අර්සකුලරත්න, පියසේන රණසිංහ, ලක්ෂ්මී
ජයවික්‍රම, දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යන පස්දෙනාට සිය සම්පූර්ණ රාජකාරී කාලය නිම කිරීමට නොහැකිවී තිබේ.
මේ අතර දිල්රුක්ෂි වික්‍රමසිංහ ඉකුත් සතියේදී සිය ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඒ වෙනුවට වැඩ බැලීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් වන සුනේත්‍රා ජයසිංහ ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබිය.
අල්ලස් කොමිසමේ ඉතිහාසය පුරා අධ්‍යක්ෂ ජනරාල්වරු ඉවත්ව ගියවිට වැඩි කාලයක්ම එම ධුරයේ වැඩ බලා ඇත්තේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ වරියන් බව  කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

ගයාන් කුමාර වීරසිංහ