පැරසිටමෝල් - 1.30 ඇමොක්සිලීන් - 35.40
ලොසාටන් - 7.35  ඇටනොලොල්- 4.40

ඊයේ රෑ සිට පාලන මිලට යටත්වූ
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 මෙන්න

ඊයේ (21) මධ්‍යම රාත‍්‍රීයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ශ‍්‍රී ලංකාවේ රෝගී ජනතාවට නිරන්තරයෙන් අත්‍යවශ්‍ය වන ඖෂධ වර්ග 48 කට පාලන මිලක් නියම කර ඇත.
ඒ අනුව නිතරම භාවිත කරන පැරසිටමෝල්, ඇමොක්සිලීන් හා අධි රුධිර පීඩනය, දියවැඩියාව ඇතුළු නිතිපතා ඖෂධ ලබාගතයුතු රෝග රැසකට මෙම මිල පාලනය බලපාන අතර
එම රෝග තත්වයන් සහිත පුද්ගලයන්ට විශේෂ සහනයක් සැලසී ඇත.


 ඒ අනුව මින් ඉදිරියට ඖෂධ සැල් කිසිවක පහත සඳහන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පාලන මිලට වැඩියෙන් අලෙවි කරන්නට බැරිය.
උපරිම මිල නියම කිරීමේ මෙම ගැසට් පත‍්‍රයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය අත්සන යොදන ලදි.

එම ඖෂධ වර්ග 48 පහත පරිදිය.