තමා සිඳු ටෙලි කතාවේ සරණ නම් පූසා වගේ බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්  පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පවසා ඇත. ඔහු මෙසේ කියා තිබේ.

“මා ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියලා තිබෙනවා

“හිරේ දාලත් මුගේ කට නම් අඩු වෙලා නෑ කියලා.  මමත් කියනවා හිරේ දාලා මාව හීලෑ කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක්.  අපි යකාට බය නැති හින්ද තමයි සොහොනෙ ගෙවල් හදාගෙන ඉන්නේ. මමත් හරියට සිදූ කතාවේ ඉන්න සරණ පූසා වගේ.  මමත් හදන්නම බෑ තමයි.  මගේ පාසල් සමයේ මගේ ආදරණීය විදුහල්පති ආර් අයි ටී අලස් මැතිතුමා ඒ දවස්වල හිනා වෙවි කියනවා ගමන් කරන පිල හදන්නම බෑ කියලා.  එතුමාගේ ගෝලයින් වන අගමැතිතුමා සභානායකතුමා එජාප සභාපතිතුමා ඒ පාඩම එතුමාගෙන් ඉගෙන ගෙන නෑ වගේ.”