සැමියා විසින් බිරිඳගේ දරු ප‍්‍රසූතියේදී දරුවාගේ පෙකණිවැල කැපීම සිදු කර  දින 08කට පසුව එම
බිරිඳ ජීවිතක්ෂයට පත් වීමේ පුවතක් කල්පිටිය පොලිස් බල
ප‍්‍රදේශයට අයත් පුලච්චෙන ගම්මානයෙන්
වාර්තා වෙනවා.
ජීවිතක්ෂයට පත් වීමට දින 08කට පෙර 36 හැවිරිදි එම කාන්තාව විසින් පිරිමි දරුවෙකු ප‍්‍රසුත කර ඇති
අතර එහිදී කතුරකින් දරුවාගේ පෙකණිවැල කැපීම සැමියා විසින් සිදු කර ඇත.
මියගිය කාන්තාව ගැබිණි සමයේදී කිසිම මාතෘ සායනයකට සහභාගි වී නොමැති අතර ඇයට වයස අවුරුදු
15 හා 9 වශයෙන් වැඩිමල් දරුවන් දෙදෙනෙකුද සිටියි.
එම දරුවන් බිහි වීමේදීද මාතෘ සායනයකට සහභාගි නොවී ඇති බවත් එම දරුවන්ගේ පෙකණිවැල කැපීමද
සැමියා විසින් සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙයි.

ඊෆා වර්ණකුල- කල්පිටිය