ඇමති ජෝන්ට වත්තලදී හූ සංග‍්‍රහයක්

වත්තල, ඔලියමුල්ල ප‍්‍රදේශයේ ඊයේ (28) පැවති උත්සවයකට පැමිණි පිරිසක් අමාත්‍ය ජෝන් අමරතුංගට හූ හඬ නගමින් විරෝධය පළ කළ සිදුවීමක් වාර්තා වෙනවා.
ඔලියමුල්ල ප‍්‍රදේශයේ නව පාසලක් ඉදිකිරීමට මුල්ගල තැබීම වෙනුවෙන් පැවති මෙම උත්සවයේදී
එම පාසල් භූමිය වෙනුවෙන් ඉඩම වෙන්කරනවාට අකමැතිවූ පිරිසක් මෙම හූ හඬ නගා

විරෝධය පළකර තිබුණා.
මෙම පාසල ඉදිකරන්නේ තම නිවාස සහ කී‍්‍රඩාපිටියද අහිමි කරමින් බව කියන ඔවුන් එයට ඉඩදෙන්නට බැරි බව මෙම අවස්ථාවේදී කෑකෝ ගසමින් කියා තිබේ.
අමාත්‍ය ජෝන් අමරතුංග උත්සව සභාව අමතමින් සිටියදී හූ කියමින් විරෝධතාවේ නිරත වූ වන් කෑ ගැසුවත් අමාත්‍යවරයා සිය කතාව නතර නොකර දිගටම කරගෙන ගියා.
පසුව ඇතිවූ බලවත් විරෝධය හමුවේ අමාත්‍යවරයාට එම ස්ථානයෙන් හොර පාරකින් පිටව යාමට සිදුවූයේ පොලීසියේද සහාය ඇතිවය.
මෙම විරෝධතා කරුවන් කොපමණ ඇමතිවරයාට අකමැතිවූයේද යත් ජොන් අමරතුංගගේ  රුව සහිත පුවරුවක්ද ඔවුන් ගිනි තබා ඇත.