ශ‍්‍රී ලංකාව වසර 17 කට පසු ටෙස්ට් තරගාවලියකින් ඕස්ටේ‍්‍රලියාව පරදයි - තරගාවලියේ වීරයා රංගන


වෝන්-මුරලි කුසලානය වෙනුවෙන් අද එස්එස්සී පිටියේ පැවති තෙවැනි හා අවසාන ටෙස්ට් ක‍්‍රිකට් තරගයත් ජයගැනීම නිසා ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔස්ටෙ‍්‍රලියාවට එරෙහිව වසර 17කට පසුව ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියක්
අද සම්පූර්නයෙන්ම ජය ගත්තේය. මින් ඉහත පල්ලෙකැලේ හා ගාල්ලේ පැවති තරග 2 ද ලංකාව ජයගෙන තිබුනි.
ශ‍්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඔස්ටෙ‍්‍රලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ, 1999 වසරේදීය.නමුත් 3-0 ලෙස ජයගත්තේ මුල් වතාවටය.
පසුගිය ජුනි මස අවසන් වාර්තාව අනුව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක 1 සිටින කණ්ඩායම මේ ආකාරයට පරාජය කිරීම විශාල ජයග‍්‍රහණයකි. අද තරගය ලකුණු 166 කින් ලංකාව ජයගත් අතර මෙම තරගයේ සහ තරගාවලියේ වීරයා වූයේ රංගන හේරත්ය.