මෑත කාලයේ රූපවාහිනියේ විකාශය වන වෙළෙඳ දැන්වීම් රාශීයක රඟපාන එහෙත් වැඩි දෙනෙකු කවුද කියා හරිහැටි නොදන්නා රුවි ලක්මාලි මේ වනවිට නාට්‍ය කිහිපයකද රගපෑ ටෙලි නිළියකි. ඇය පසුගියදා සිය රංගනය ගැන දැක්වූ අදහස් කිහිපයකි මේ.



ඔබේ ගම් පළාත කොහේද?  විස්තර මොනවාද?
මං  පවුලේ එකම ගැහැණු දරුවා. මගේ ගම බණ්ඩාරවෙල. මං උසස් පෙළ දක්වා බණ්ඩාරවෙල විශාකා  විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා.


ක්ෂේත‍්‍රයට පිවිසුනේ කොහොමද?
පාසල් වියේදී නැටුම් ගුරුවරියක් වීමට මං සිහින දුටුවා.”සිරිකත”  අවුරුදු කුමාරි ලෙස කිරුළු පැළදිමත් සමග මගේ ජීවිතේ වෙනත්ම මගකට යොමු වුණා.
පසුව ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑම  සදහා ආරාධනා ලැබුවා. ස්වර්ණවාහිනිය මගින් විකාශය වූ   අරුණ ජයවර්ධනගේ ” ආදරණිය හීනය”, ”තරුමලී”, ”හිරු තනි වෙලා” ”මෝසම් සුළඟ” සහ ”විහඟ ගීතය” ප‍්‍රධාන චරිතය මට ලැබුනා.


ඔබව නිතරම රූපවාහිනියේ දැන්වීම් වලින් දකින්න ලැබෙනවා. ඒ මොන වෙළෙඳ දැන්වීම් වලින්ද?

මට ගොඩක්ම ලැබුනෙ වෙළෙඳ දැන්වීම් ඒවා හුඟක් ප‍්‍රසිද්ධයි. අයඩෙක්ස් කොන්දෙ රුදා, කොටගල කහට,ටිකි බේබි,කැලණි කේබල්ස්, සිංගර් ප්ලස්, කීල්ස් සොසේජස්, ලකී යෝගට්, මාමයිට්, වටවල රන් කහට, බයටින් බියුටි කප්සුල්, මැලිබන් වයිට් චෝකොලට් පෆ්, බජාජ්, සිංගර් වායුසමීකරණ, වොන්ඞ්ල්යිට්, දකුණු අධිවේගී මාර්ගයේ විවේක ගන්නා ස්ථානය, පුරෙය්ට් ෆිල්ටස්, ලංකා සෝයි ඒ අතර තියෙනවා.


ඔබ විවාහකද?
ඔව් මං වසරකට පෙර විවාහ දිවියට ඇතුලත් වුණා. මගේ සැමියා නකුල්  ප්‍රසාද් සමගින් අපි කොළඹ ජිවත් වෙනවා.

ඔබට මේ දේවල් කරන්න වඩාත් උදව් කළේ කවුද?

මං මෙතක් ආ ගමනේදී සෙවනැල්ලක් මෙන් සිටි  ආදරණිය මව ආදරයෙන් සිහි පත් කරනවා. මට විවාහය නිසා මවගෙන් දුරස් ව කොළඹ ජිවත් වෙන්න සිදුවුණාට දිනපතා මවට අමතා ඇයගේ  සුවදුක් විමසීම කරනවා.