හෙල්මට් මිලට ගැනීමේ පාරිභෝගිකයින් එම හෙල්මට්ටුවල ඇති අනතුරුවලින් ආරක්ෂාකාරී වන පරිමාණයන් ගැන හරි අවබෝධයක් නොතිබීම අවාසියක් බව පෙන්වාදෙන සමස්ත ලංකා
යතුරුපැදිගකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ සැප්තැම්බර් 1 වනදා සිට
අනතුරකදී ගැටිය හැක ස්ථාන පිළිබඳ රූප සටහනක් හෙල්මට් මිලට ගන්නන්ට සපයන ලෙස ඉල්ලා සිටී.
හිස්වැසුම නිසි ප‍්‍රමානයෙන් තිබීම ලා වර්ණ හිස්වැසුම් පැලදීමේ ඇති වැදගන් කම විශාල ගැටීමකින් පසු හිස්වැසුමේ ආරක්ෂාව අඩුවීම කාලය සමඟ හිස්වැසුම බුරුල්වේ නම් එය ඉවත් කීරීම ආරක්ෂිත පටිය නිකටට තබා තදකිරීමෙන් සිදුවිය හැකි අස්ථි බිදීයාමේ අවධානම වැනි කරුනු ගැනද පාරීභෝගිකයා දැනුවත් කිරීම අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
මුහුණට හානී සිදුවීමෙන් යතුරුපැදිකරුවන් විශාල පිරිසක් සාදාකාලික රෝග තත්වයන්ට ලක්වන බැවින් ඒවාට ලක්වන්නට ප්‍රථම අවදානම හඳුනාසිටීම වැදගත් බවත් ඔහු පවසයි.