අප්‍රිකාව වෙත ෆේස්බුක් බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයීම වෙනුවෙන් අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබූ ස්පේස්ඒක්ස් හි නවතම මිනිසුන් රහිත රොකට්ටුව ෆ්ලොරීඩා හි අභ්‍යවකාශගත කිරීම් වේදිකාව මතදී ගිනිගෙන දැවී ගිය බව විදෙස් වාර්තා පවසයි.



ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා හි කේප් කැනවරල් හිදී සිදුවූ මෙම අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැතත්, විශාල පිපිරීමක් සමග රොකට්ටුව ගිනි ගත් බව වාර්තා වෙයි.

මෙම සති අන්තයේදී අභ්‍යවකාශය වෙත චන්ද්‍රිකාවක් රැගෙන යාමට සූදානමින් සිටි මෙම ස්පේක්ස්එක්ස් රොකට්ටුවේ ගිනිගෙන දැවෙන දසුන් සමාජජාල ඔස්සේ වේගයෙන් ගලා යමින් පවතී.

කෙසේ වෙතත්, මෙම පිපිරීමෙන් ජනතාවට හානියක් නොමැති බව ෆ්ලොරීඩා බලධාරීන් පවසා ඇත.

යළි යළිත් භාවිත කළ හැකි රොකට්ටු සම්බන්ධයෙන් නව යුගයක් බිහි කිරීමට සූදානම් වන සමාගමක් ලෙස ස්පේස්එක්ස් හැඳින්වෙයි. එමෙන්ම, පෞද්ගලික අභ්‍යවකාශ සංචාර සම්බන්ධයෙන්ද ඔවුන් කටයුතු කරමින් සිටියි.



ස්පේස්එක්ස් ෆෝල්කන් 9 රොකට්ටුව අන්තර්ජාතික අභ්‍යවකාශ ඒජන්සිය වෙත සැපයුම් සිදුකරන අභ්‍යවකාශ යානයක් ලෙස ක්‍රියාත්මක වෙයි.
( නරේන් විශ්වජිත් )