හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පසුගිය දිනවල ඔහු සමග පාද යාත්‍රාවේ යෙදුණු මන්ත‍්‍රී කණ්ඩායමක් දකුණු කොරියාවේ සංචාරයක් සඳහා අද රාත‍්‍රී පිටත්ව යන්නට නියමිතය.
දකුණු කොරියාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ඇරයුමකට අනුව ඔවුන් මෙම සංචාරය දින 7 ක කාලයක් පුරා
සිදු කරනු ඇත.
මේ සඳහා ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලූත්ගමගේ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත යන මන්ත‍්‍රීවරුන් හය දෙනෙක්ද මහාචාර්ය ජී.එල්. පීරිස්ද මෙයට එක්වීමට නියමිත බව වාර්තා වුණා.