ටෙස්ට් තරගය අතරතුර
දිමුත්ගේ විවාද සම්පන්න දැවීයාම (video)

එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන  ඕස්ටේ‍්‍රලියා ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරගය අතරතුර කලාතුරකින් සිදුවන අතපසුවීමක් ප‍්‍රයෝජනයට ගෙන දිමුත් කරුණාරත්නව දවාගන්නට කඩලූ රකින ක‍්‍රීඩක පීටර් නෙවිල්ට අද හැකි වුණා.
එම දැවී යාම පොතේ හැටියට නිවැරදි වුවත් කෙතරම් දුරට සදාචාර සම්පන්නද යන්න
ගැන දැන් විවාදයක් හටගෙන තිබේ.

පිතිකරුගෙන් ගිලිහී පිටුපසට යන පන්දුව රැකගන්නා කඩුළු රකින්නා පිතිකරු පහරදීමේ වේගය නිසා පසුපසට තැබූ කකුලක් ඔසවා වෙනත් තැනකට තැබීමේ අතරතුර මොහොතේ මෙම ස්ටම්ප් කිරීම සිදු කරනු ලබයි.
එම අවස්ථාවේ දිමුත් කරුණාරත්න සීමා ඉරෙන් ඔබ්බෙහි එක් පාදයක් පමණක් තබා සිට අනෙක් පාදය ඔසවා සිටි නිසා දැවීයාම නිවැරදි විය.
දිමුත්ගේ මෙම දවා ගැනීම සිදුකර තිබුනේ නේතන් ලයන් යොමුකළ පන්දුවකටය.
කලාතුරකින් ලැබෙන අවස්ථාවක් ප‍්‍රයෝජනයට ගත් මෙවැනි දැවීයාම් මින් ඉහතත් ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ සිදුව තිබේ. 1997 එංගලන්ත කඩුලූ රකින ඇලෙක් ස්ටුවර්ට් විසින් බ‍්‍රයන් ලාරාව දවා ගෙන තිබුනේද ඒ ආකාරයට තරමක් සමාන ලෙසිනි.
මෙම සිදුවීම් දෙකෙහිම වීඩියෝ පහතින්

දිමුත්ගේ දැවී යාම

ලාරාගේ දැවීයාම