2016 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ පළමු අදියර අගෝස්තු 29 වන දා සිට
සැප්තැම්බර් 11 වන දා දක්වා පැවැත් වීමට නියමිතය.
එම කාලය තුළ පාසල් 6ක් සම්පූර්ණයෙන් වසා තබන බව
විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. ඒ අනුව
කොළඹ රාජකීය, නාලන්දා, මහනුවර විහාරමහාදේවි, ස්වර්ණමාලි සහ සීතාදේවි බාලිකා විද්‍යාලය සහ යාපනය හින්දු බාලිකා විද්‍යාලය මුළුමනින් වසා තැබෙයි.
මෙම පාසල් සැප්තැම්බර් 13 වන දා යළි ආරම්භ වීමට නියමිත වේ.
එසේ නොවන පාසල් නියමිත පරිදි අගෝස්තු මස 31 වන දා ආරම්භවීමට නියමිතයි.