සමන්මලී දිනේශ්ගේ පුතු සමග
විවාහය ලබන සතියේ


පළාත් සභා මන්ත‍්‍රීනී සමන්මලී සකලසූරිය ලබන 12 වනදා විවාහ දිවියට එළැඹෙන්නට නියමිතය. ඇය අතගන්නේ ඒකාබද්ධ විපක්ෂයේ දිනේශ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ පුත් යදාමිණි ගුණවර්ධන සමගය.
පිලිප් ගුණවර්ධන,රොබට් ගුණවර්ධන වැනි ප‍්‍රකට දේශපාලනඥයින් රටට දායාද කළ
බොරළුගොඩ පරම්පරාවේ කෙනෙකු වන යදාමිණි රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇමරිකාවේ හා

එංගලන්තයේ පරිගණක ආර්ථික හා ව්‍යාපාර සම්බන්ධ පශ්චාත් උපාධිධාරියෙකි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සද්ධාතිස්ස සකලසූරියගේ දියණිය වන සමන්මලී, සරණ ගුණවර්ධනගේද ඥාතියෙකි.

වත්මන් රජයට එරෙහිව මහින්ද රාජපක්ෂ වටා එක්වූ පිරිස අතර සිටි සමන්මලී 2015 වසරේ මහනුවර පැවති ‘මහින්ද සුළඟ’ ප‍්‍රචාරක රැස්වීමට ගිය අවස්ථාවේ මුල්වරට යදාමිණීව මුණගැසී ඇති බවත් පසුව දෙදෙනාගේ ආදර කතාව ඇරඹි බවත් වාර්තාවේ.

පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සිදුකිරීම නිසාද සමන්මලී සමාජ මාධ්‍ය අතර ප‍්‍රකට විය.

කලකට පසු දේශපාලනයට සම්බන්ධ සුවිශේෂී පවුල් දෙකක් යාකරන මෙම විවාහ උත්සවය යෙදෙන 12 වනදාට හා 17 වනදාට යෙදෙන දෙවැනි ගමන උත්සවය සඳහා දැනටමත් දේශපාලනඥයින් රැසකට ඇරයුම්පත් ලැබී ඇත.