මත්තල ගුවන් තොටුපළ 
විකුණන්න දාලා

හම්බන්තොට මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ විකුණන්නට දමා තිබෙන බවත් ලබන අගොස්තු 12 දක්වා කාලය දක්වා මිලට ගන්නට කැමති ආයෝජකයින්ගෙන් ආයෝජන අභිරුචි අයදුම්පත් (EOI) කැඳවා ඇති බවත් ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව පෙරේදා පළ කළ වාර්තාවකින්
ප‍්‍රසිද්ධ කර ඇත.
මින් ඉහත ලෝකයේ හිස්ම ගුවන්තොටුපළ ලෙස මත්තල


ගුවන් තොට ගැන විස්මිත වාර්තාව පළකර තිබුනේද මෙම සඟරාවයි. මෙවර ලිපියේ ශීර්ෂ පාඨය ලෙස ‘ලෝකයේ හිස්ම ගුවන් තොටුපොළ විකිණීමට තිබේ’ ( For Sale: The World's Emptiest International Airport) ලෙස ඔවුන් ඒ ගැන දක්වා තිබේ.
එසේ මිලට ගන්නට කැමති ආයෝජකයෙකු වෙතොත් එම ගුවන්තොට ඉදිරියට පුද්ගලික ගුවන් තොටුපළක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.
මේ වනවිට ගුවන් යානා 2 ක් පමණක් ගමන් ගන්නා මත්තල (දෙවැන්න එක්කර ඇත්තේ මැයි මාසයේය) 2013 මාර්තු මාසයේ විවෘත කළදා සිට ලංකාවට මුදල් නාස්තියක් ලෙස පවතින ගුවන් තොටුපළක් ලෙස අර්ථ දක්වන ඔවුන් මෙය ඉදිකිරීම සඳහා එවක රජය චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 190 ණය මුදල පියවාගන්නට පවා අසමත්ව ඇති නිසා මිලට ගන්නා අයට එම පාඩුව පියවීමට සිදුවනු ඇතැයිද දන්වා ඇත.

මිලට ගන්නට කැමති අයගේ පහසුව පිණිස මේ සම්බන්ධ විස්තරය ඇති ෆොර්බ්ස් ලිපිය මෙතැනින්