මහනුවර ඉපදී එංගලන්තයේ පදිංචියට ගොස් පුරවැසිකම ලබා වාසය කරන ශ‍්‍රී ලාංකික සම්භවයෙන් යුත් ශලිනි පිරීස් නමැති නිළිය හොලිවුඞ් චිත‍්‍රපටයක රඟපෑමට තෝරාගෙන තිබේ.



2017 තිරගත වීමට නියමිත Justice League චිත‍්‍රපටයේ ඇය රඟපාන්නේ විශේෂ සුරක්ශිතාගාරයට ඇතුලූ වීමට අවසර ඇති සෙබළියකගේ චරිතයකි. ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස්ගෙන් පසු හොලිවුඞ් චිත‍්‍රපටයක රඟපාන පළමු ශ‍්‍රී ලාංකික නිළිය බවට ඒ අනුව ඇය පත්වේ.
2016 මුල පැවති කුසලතා පරීක්ෂණයකින් පසුව ඇයව මෙම චිත‍්‍රපටයේ රඟපෑම සඳහා තෝරාගෙන තිබේ.
මේ වන විට එංගලන්තයේ ජීවත්වන ඇය ලන්ඩනයේ රංග පාසැලකින් රංගනවේදී විශේෂ උපාධිය හිමිකරගෙන තිබෙන අතර ලොව පිළිගත් රංගන ආයතන සමග කටයුතු කර අත්දැකීම් ලබා ඇති කෙනෙකි.