පසුගිය සියලූම රජයන් සිදු කළ ආකාරයට මාධ්‍ය තුළින් පළවන දේවල් රජයේ සිත රිදවන ආකාරයට පත්වූ කල ඒ තත්වය කිසියම් වක‍්‍ර ආකාරයකින් මර්දනය කිරීම දැන් සිරිතක් බවට පත්ව තිබේ.
ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ ඇමති මහින්ද සමරසිංහ කියා සිටියේ
ආණ්ඩුව මාධ්‍යවලට බලපෑම් නොකරනවා සේම මාධ්‍යවලට වල් බූරු නිදහස දීමට සූදානම් නැති බවයි.
ඒ අනුව ඒ සඳහා නව පනතක් ළඟදීම ගෙන එන බවත් ඔහු කියා සිටියා.
මාධ්‍ය සම්බන්ධයෙන් පනතක් සකස් කරන බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලයට දැනුම් දුන් බව කී ඇමැතිවරයා සියලූ අදහස් යෝජනා සහිතව ඉදිරියේදී එය සකස් කරන බව කියා සිටියේ
ආණ්ඩුව මාධ්‍ය පාගන්න හෝ බලපෑම් කිරීමට කටයුතු නොකරන බව කියමිනි.
මෙම පනතට අදාළ කොන්දේසි හෝ කරුණු කිසිවක් ඊයේ හෙළි කර තිබුනේ නැත.